රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කරමින් අධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව ඔහු විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

2019 වසරේදී මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන ප්‍රකාශයක් කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධිව ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබුවා

ලබන වසරේ ඉන්දියාවේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඔහුගේ දඬුවම අත්හිටුවනතුරු හෝ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන තුරු ගාන්ධිට ඒ සඳහා තරග කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති.

Share This