රාහුල් ගාන්ධිගේ දෙදින සංචාරයට එරට පොලිසියෙන් බාධා

රාහුල් ගාන්ධිගේ දෙදින සංචාරයට එරට පොලිසියෙන් බාධා

ඉන්දියාවේ විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක රාහුල් ගාන්ධි ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් මනිපූර් ප්‍රාන්තයේ සංචාරය කිරීම එරට පොලිසිය විසින් හදිසියේ නතර කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අවතැන් වූවන් සහ සිවිල් සමාජ කණ්ඩායම්වල නායකයින් හමුවීමට ගාන්ධි මහතා දෙදින සංචාරයක් සඳහා ඊසානදිග ප්‍රාන්තයට පැමිණ තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

පසුගිය මාස දෙකක කාලය තුළ මනිපූර් ප්‍රාන්තයේ Meitei සහ Kuki ප්‍රජාවන් අතර සිදුවූ ගැටුම් වලින් මේ වන විට පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් 400 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මනිපූර් හි තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා රජයේ ඉහළ නිලධාරීන් සමග රැස්වීමක් පවත්වා ඇති නමුත් ඔහු ප්‍රාන්තයට පැමිණ නැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 60,000 කට ආසන්න පිරිසක් අවතැන් වී කඳවුරු 350 ක පමණ නවාතැන් ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This