රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි පවසයි

රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි පවසයි

ඉතා වේගයෙන් සංවර්ධනය වන නවින ලෝකය තුළ රැකියා වෙළඳපොළට ගැලපෙන පරිදි වෘත්තීය පුහුණුව ලබාදීමේ වැදගත්කම රජය හදුනාගෙන තිබෙන බවත් ඒ අනුව රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ලබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ(30) පැවති ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ ( NAITA) මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය හෙවත් ජපන් ටෙක් හි පාඨමාලා සම්පූර්ණ කළ සිසු සිසුවියන් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

මෙවර 31 වන වරට පවත්වන ලද මෙම සහතිකපත්‍ර ප්‍රදාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍යවරිය සහභාගී වූ අතර එහි දී මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය මඟින් පවත්වන ලද පාඨමාලා තුළ ඉහළම දක්ෂතා දැක් වූ සිසුන්ට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරිය විසින් සිදුකෙරුණා.

ඉන් අනතුරුව උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, වෘත්තීය පුහුණුව ලබාදීම වෙනුවෙන් පවතින රාජ්‍ය හා පෞද්ගලික ආයතන හරහා නිසි පුහුණුවක් ලබා දෙන්නේ ද , ඒ හරහා රැකියාගත කිරීම් පවතින්නේ කුමන මට්ටමකද යන කාරණා පිළිබඳව පවතින ගැටලු අවම කිරීම වෙනුවෙන් රජය මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි.

 

 

 

Share This