රැජිනගේ දේහය අද යළිත් බකිංහැම් මාලිගයට

රැජිනගේ දේහය අද යළිත් බකිංහැම් මාලිගයට

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය ස්කොට්ලන්ත නගරයේ ශාන්ත ගයිල්ස් ආසන දෙව්මැදුරේ මේ වනවිට තබා ඇති අතර රැජිනගේ දරුවන් සිව්දෙනා විසින් සාම්ප්‍රදායික කුමර කුමරියගේ පූජෝත්සවය පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රැජිනගේ දේහය අඟහරුවාදා සවස 5 දක්වා එඩින්බරෝ හි ශාන්ත ගයිල්ස් දෙව්මැදුරේ තබනු ඇති

පසුව රැජිනගේ දේහය එඩින්බරෝ සිට බටහිර ලන්ඩනයේ නෝර්ටෝල්ට් වෙත ගෙනයන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

දේහය ලන්ඩනයට ගෙන් ඒමෙන් පසුව බකිංහැම් මාලිගය වෙත ගෙන එන අතර චාල්ස් රජු සහ කැමිලා ආර්යාව විසින් රැජිනගේ දේහය පිළිගනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රාජකීය ඈන් කුමරිය, බැල්මොරාල්හි සිට මෙන්ම දේහය සමගින් ගමන ආරම්භයේ සිටම මෙහිදීත් ගමන් කරන බවයි සඳහන් වන්නේ

 

Share This