රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැය තිහක්වත් ඉන්න වෙන ලකුණු

රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැය තිහක්වත් ඉන්න වෙන ලකුණු

වෙස්ට්මිනිස්ටර් ශාලාවට දෙවන එළිසබෙත් රැජිනගේ දේහය රැගෙන ඒමෙන් පසු පෝලිම්වල පෙළ ගැසී දේහයට ගෞරව කිරීමට පැය තිහක් පමණ කාලයක් දක්වා බලා සිටීමට සිදුවනු ඇති බවත් මෙම කාලය ඉහළ යා හැකි බවට එරට රජය අපේක්ෂා කරන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එරට සංස්කෘතික ලේකම් මිචෙල් ඩොනලන් මේ පිළිබඳව අනතුරු අඟවා ඇති අතර එය සෑම කෙනෙකුටම පැය තිහක් නොවනු ඇති නමුත් මහජනතාවට දිගු වේලාවක් සිටගෙන සිටීමට සිදුවන බැවින් සම්පූර්ණයෙන්ම ඒ සඳහා සූදානම් විය යුතු බව පවසා තිබෙනවා

ජනතාවට හැකි තරම් සුවපහසු තත්ත්වයන් මැද රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා රජයට කළ හැකි සෑම දෙයක්ම කරන බවද සංස්කෘතික ලේකම්වරිය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

පෝලිම්වල සිටින පුද්ගලයින්ට සහය වීමට දිනකට පුද්ගලයින් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවත් ආබාධිත පුද්ගලයින්ට වෙනම පෝලිමක් ඇති බවත් සඳහන් වනවා .

Share This