රැජිනට ගරු කරමින් මධ්‍යම ලන්ඩනයේ නිශ්ශබ්දතාවයක්

රැජිනට ගරු කරමින් මධ්‍යම ලන්ඩනයේ නිශ්ශබ්දතාවයක්

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාව කරා අද (14) දිනයේ ගෙන යන බැවින් මධ්‍යම ලන්ඩනයේ නිශ්ශබ්දතාවයක් පවත්වාගැනීම සඳහා ඇතැම් ගුවන් ගමන්වලට බාධා ඇති විය හැකි බව හීත්‍රෝ ගුවන්තොටුපළ සඳහන් කරනවා .

සමහර ගුවන් ගමන් අවලංගු කිරීම් හෝ ගුවන් ගමන් නැවත කාලසටහන්ගත කර ඇති බව ඔවුන් වැඩිදුරටත් දන්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

විශේෂයෙන් අවමංගල්‍ය සිදුවන සැප්තැම්බර් 19වනදා ගුවන් ගමන් බොහොමයක් අවලංගු විය හැකි බව අපේක්ෂා කෙරෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

දෙවන එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු පවතින ශෝක කාලයේ රැජිනට කෙරෙන ගෞරවයක් වශයෙන් හීත්‍රෝ ගුවන් තොටුපළේ බලධාරීන් විසින් මේ වෙනස්කම් සිදු කෙරෙන අතර ගුවන් ගමන්වල යම් වෙනසක් සිදුවුවහොත් මගීන්ට ඔවුන්ගේ ගුවන් සමාගම් විසින් සෘජුවම දැනුම් දෙනු ඇති

බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව දක්වා රැජිනගේ දේහය රැගත් රථ පෙරහැර ගමන් කරන විට මධ්‍යම ලන්ඩනය පුරා නිශ්ශබ්දතාවය සහතික කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

පාර්ලිමේන්තුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාවට රැජිනගේ දේහය ගෙන ඒමෙන් පසු දේහයට ගෞරව කිරීම සඳහා දැනටමත් දහස් ගණනක් ජනතාව පෙළ ගැසී සිටිනු අයුරු දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

 

Share This