රියදුරුට නින්ද ගොස් මතුගම දී වෑන් රථයක් නිවසකට කඩා වැදිලා

රියදුරුට නින්ද ගොස් මතුගම දී වෑන් රථයක් නිවසකට කඩා වැදිලා

කළුතර- මතුගම  මාර්ගයේ, සපුගහවත්ත ප්‍රදේශයේදී ඊයේ සවස (13) වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගෙවත්තකට ඇතුල් වී නිවසක බිත්තියේ වැදී අනතුරක් සිදුව තිබෙනවා.

මෙසේ අනතුරට පත් වී ඇත්තේ මතුගම දෙස සිට කලුතර දෙසට ගමන් කළ Town Ace වර්ගයේ කුඩා වෑන් රථයක්..

වෑන් රථයේ ගමන් ගෙන තිබුණේ වයස අවුරුදු හැටත් හැට පහත් අතර අඹුසැමි යුවළක් බව පොලීසිය පැවසුවා.

පිරිමි පුද්ගලයා වාහනය පදවාගෙන විත් ඇති අතර ඔහුට නින්ද ගිය බව පොලීසියට පවසා තිබෙනවා.

වාහනය නිවස දෙසට ඇදී යාමට පෙර පාරේ ගමන් ගත් එම ප්‍රදේශයේම  කාන්තාවකගේ ද වැදී ගමන් කර තිබූ අතර වයස අවුරුදු හැත්තෑවක පමණ වූ මෙම කාන්තාව ඉතා බරපතල තත්ත්වයෙන් රෝහල්ගතකර තිබෙනවා.

වාහනයේ පැමිණි අඹුසැමි යුවළගෙන් බිරිඳ ද කඩිනමින් කළුතර නගොඩ ශික්ෂණ රෝහලවෙත යොමු කළ බව දොඩංගොඩ පොලිසිය පැවසුවා.

Share This