රිශී සුනක් නව කැබිනට් මණ්ඩලය පත් කරයි

රිශී සුනක් නව කැබිනට් මණ්ඩලය පත් කරයි

නිල වශයෙන් බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට පත්ව පැය කිහිපයකට පසු රිශී සුනක් නව ධුරයේ රාජකාරී ආරම්භ කරමින් සිය නව කැබිනට් මණ්ඩලය පත් කර තිබෙනවා.

ඒ අනුව එරට චාන්සලර් ලෙස ජෙරමි හන්ට් කටයුතු කරන අතර විදේශ ලේකම් ධුරයට ජේම්ස් ක්ලෙවර්ලි පත්කර තිබෙනවා.

එමෙන්ම ඩොමිනික් රාබ් වෙත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරය සහ අධිකරණ ලේකම් ධුරය ලබා දීමටත් රිශී සුනක් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රිශී සුනක්ගේ නව කැබිනට් මණ්ඩලයේ ස්වදේශ කටයුතු ලේකම් ධුරය නැවතත් ස්වේලා බ්‍රේවර්මන් වෙත ලබ දී ඇති අතර ආරක්ෂක ලේකම් ධුරය ලබා දී ඇත්තේ බෙන් වොලස් වෙතයි.

Share This