රිෂාඩ්ගේ නිවසේ ‘මෙහෙකාර සේවයේ සිටි ළාබාල දැරිය’ පිළිස්සීමෙන් මරුට
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කෙරුණු බාලවයස්කාර දැරිය ඊයේ (15) දින මිය ගොස් තිබෙන බව වාර්තා වනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඩයගම බටහිර 3 කොටසේ පදිංචි ඉෂාලිනි ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි බාලවයස්කාර දැරියක්.
මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.