රුධිර පාරවිලයනයේදී රුධිරගතව බෝ විය හැකි විෂබීජ නැහැ

රුධිර පාරවිලයනයේදී රුධිරගතව බෝ විය හැකි විෂබීජ නැහැ

රුධිර පාරවිලයන ක්‍රියාවලියේදී රුධිරගතව බෝ විය හැකි විෂබීජ නොමැති බවට සුවිශේෂී ඉහළ තාක්ෂණයෙන් යුතු පර්යේෂණ මගින් තහවුරු කරන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා

ඔහු මේ බව පැවසුවේ මෙම වසරේ ලෝක රුධිර දායකයන්ගේ දිනය තේමාව නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්

මැලේරියා, උපදංශය, හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී සහ එච් අයි වී ඒඩ්ස් යන රෝග පහ මගින් ඇතිවිය හැකි තත්ත්වයන් වළක්වාගැනීම සඳහා සුවිශේෂී ඉහළම තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ භාවිතා කරන බවද ඔහු එහිදී සඳහන් කළා

රුධිර දායකයා නිරෝගීව පසු වන්නේද, ඔහුගේ චර්යා රටා සහ ඔහු ඉහත රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතීද යන්න සම්බන්ධවද සුවිශේෂී ආවේක්ෂණයක් සිදුකරන බවයි ඒ මහතා එහිදී පැවසුවේ

Share This