රුපියල් 40,383ක් වටිනා ලියුම් කවරයක් ජාත්‍යන්තර සන්නාමයකින්

රුපියල් 40,383ක් වටිනා ලියුම් කවරයක් ජාත්‍යන්තර සන්නාමයකින්

සුඛෝපභෝගී ජාත්‍යන්තර සන්නාමයක් වන Hermes නිකුත් කර ඇති නවතම ලියුම් කවරයක් වෙත මේ වන විට සියලුදෙනාගේ අවධානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ලියුම් කවරයේ වටිනාකම අමෙරිකානු ඩොලර් 125ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් 40,383ක් වනවා.

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම ලියුම් කවරය නැවත භාවිත කළ හැකි ආකාරයට නිර්මාණය කර ඇති බව සඳහන්.

එමෙන්ම එය ඉතා සුළු වශයෙන් සියුම් සේද රෙදිවලින් ඔතා තිබෙනවා.

එය Hermes International සන්නාමයේ ඉහළ පෙළේ ලිපි ද්‍රව්‍ය එකතුවේ එක් අංගයක් පමණයි.

ලියුම් කවරයේ වටිනාකම ගැන පුද්ගලයන්ගේ අදහස් වෙනස් වන අතර ඇතැමුන් එය මිල අධික ලෙස සළකනවා.

එමෙන්ම තවත් සමහරු එය brand name එක නිසා එම වටිනාකම සාධාරණීකරණය කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

Share This