රුපියල් 5,000 ක අන්තර් දීමනාව ‘මේ මාසයේ සිට’ ගුරු විදුහල්පති වැටුපට

රුපියල් 5,000 ක අන්තර් දීමනාව ‘මේ මාසයේ සිට’ ගුරු විදුහල්පති වැටුපට

ගුරුවරුන්ට රුපියල් 5,000 ක අන්තර් දීමනාව මෙම මස සිට වැටුපට එක් කරන බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (7) සඳහන් කළා.

රජය ලබාදී ඇති විසඳුම පිළිගෙන ගුරු – විදුහල්පතිවරු නැවත සේවයට වාර්තා කරනු ඇතැයි විශ්වාස කරන බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ.

වැටුප් වැඩිවීමක් ද සිදුවන බවත් එය එක් වර ලබාදෙන ලෙස ගුරු සංගම් ඉල්ලා ඇති නමුත් පවතින මූල්‍ය තත්ත්වය අනුව එය අවස්ථා තුනකදී ලබාදෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසුවා.

Share This