
රුපියල් මිලියන 47 කට අධික කංසා සමග 03 ක් නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් කෝවිලන් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ පසුගියදා (27) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 47 කට අධික දළ වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්රෑම් 209 ක් රැගත් ඩිංගි යාත්රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව පැවසුවේ කරෙයිනගර්, කෝවිලන් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්රදේශයේ යාත්රා කල සැකකටයුතු ඩිංගි යාත්රාවක් පරීක්ෂාවට ලක් කිරීමේ දී එහි උර 06 ක පාර්සල් 73 අසුරන ලද කේරළ කංසා තොගය තිබූ බවයි.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 43 අතර වයසේ පසුවන යාපනය, ගුරුනගර් සහ අනලතිව් යන ප්රදේශයන්හී පදිංචි කරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.