
රුපියල් ලක්ෂ හැත්තෑවකට අලෙවි කිරීමට ගෙනා ගජමුතු දෙකක් සමග අයෙක් අත්අඩංගුවට
හමුදා බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරින්ගේ තොරතුරක් මත රුපියල් ලක්ෂ හැත්තෑවකට අලෙවි කිරීම සඳහා දඹුල්ලට රැගෙන විත් තිබූ ගජ මුතු දෙකක් සමග සැකකරුවෙකු ඊයේ(20) පස්වරුවේ සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඉතා සූක්ෂම ලෙස දඹුල්ල පොලිසියේම දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ගැනුම්කරුවන් ලෙස වෙස් වළාගෙන දඹුල්ල පැල්වෙහෙර, රන්දෙණිය වැව ආසන්නයේදී සැකකරු ගජ මුතු දෙකත් සමග අඩංගුවට ගත් බවයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සංචාරක රියදුරෙකු ලෙස සේවය කරන තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම ගජමුතු වීදේශගතව සිටින ඥාතියෙකු හරහා තමන්ට ලැබුණු බවත් ඔහු පොලිසියට ප්‍රකාශ තිබෙනවා.