ස්ථාවර තැන්පතුවේ මාසික පොලිය, ලක්ෂයට අඩු නම් සුබ ආරංචියක්

ස්ථාවර තැන්පතුවේ මාසික පොලිය, ලක්ෂයට අඩු නම් සුබ ආරංචියක්

ස්ථිර තැන්පතු හිමියන්ගේ මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු නම්, රජය විසින් අය කරන 5%ක රැඳවුම් මුදල් ආපසු ලබාගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම මුදල් ආපසු ලබාගැනීමේදී දැනට පවතින සංකීර්ණ ක්‍රමවේදය වෙනුවට නව සරල ක්‍රමවේදයක් පිළිබඳව සොයා බලමින් සිටින බවයි.

එමෙන්ම මීට දෙවසරකට පමණ පෙර රටේ තිබූ ආර්ථික ගැටලු හමුවේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කළ අතර ජනතාවට ඒ හේතුවෙන් යම් යම් අපහසුතා ඇතිවූ බවයි එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එවන් එක් ක්‍රියාමාර්ගයක් වූ තැන්පතු පොලියෙන් 5 % ක රඳවා ගැනීමක් යනු, එම මුදල අයකර ගැනීමක් නොවන බවද ඔහු මෙහිදී පැවසුවා.

රුපියල් ලක්ෂයකට වැඩි පොලී මුදලක් ලබන අයෙකු වේ නම් එම පුද්ගලයා බදු ගෙවීම කළ යුතු අයෙකු වුවද , එම පුද්ගලයාගේ රඳවා ගත් මුදල් ප්‍රමාණය ඔහු ගෙවන බද්දෙන් හිලව් කර ගන්නා බවත්, යම් අයෙකු රුපියල් ලක්ෂයකට අඩු මාසික පොලියක් ලබන්නේ නම් එම පුද්ගලයාගේ තැන්පතු පොලියෙන් සිදු කරන 5 % රඳවා ගැනීම ආපසු ලබාගත හැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම අවුරුදු 60 ට වැඩි පුද්ගලයෙකුට ලැබෙන පොලී ආදායමෙන් 5 % ක් රඳවා ගතහොත් එම පුද්ගලයාට මාස 03 කට වරක් එම මුදල ආපසු ගැනීමේ හැකියාව පවතින බවද සඳහන්

Share This