රුසියානු ආක්‍රමණයෙන් යුක්‍රේනයේ මියගිය පිරිස සම්බන්ධයෙන් නව අනාවරණයක්

රුසියානු ආක්‍රමණයෙන් යුක්‍රේනයේ මියගිය පිරිස සම්බන්ධයෙන් නව අනාවරණයක්

රුසියානු ආක්‍රමණයෙන් හේතුවෙන් යුක්‍රේනයේ ළමුන් ඇතුළු සිවිල් වැසියන් 9000කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

යුක්‍රේනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ දූත මණ්ඩලය පවසන්නේ මියගිය පිරිස අතර ළමුන් 500 දෙනෙකු ද වන බවයි.

රුසියානු – යුක්‍රේන යුධමය වාතාවරණය ආරම්භ වී දින 500ක් ගත වී ඇති අතර 2022 වසරට වඩා මෙම වසරේ මැයි සහ ජුනි මාසවල දී යුක්‍රේනයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ දූත මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.

Share This