රුසියානු ගුවන් යානා එකින් එක බිම දමන කියෙව්හි අවතාරය
දිනෙන් දින උණුසුම් වන යුක්රේන අර්බුදයට සාකච්ඡාමය විසඳුමක් ගෙන ඒමට අපොහොසත් වීම තුළ රුසියානු හමුදාවන් ඉදිරි පැය කිහිපය තුළ යුක්රේනයේ අගනගරය තමන් සතු කර ගනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
කෙසේ වෙතත් කිසිඳු අභියෝගයක් හමුවේ වුවද තම රට අතහැර නොයන බවයි යුක්රේන ජනපතිවරයා යළිත් අවධාරණය කර ඇත්තේ.
දෙවැනි ලෝක යුද්ධයේ නිමාවෙන් දශක කිහිපයකට පසු මුළු මහත් ලොවම යුධ බියෙන් අවුළුවන්නට සමත් යුක්රේන අර්බුදය මේ වන විට ඉතා උණුසුම් මුහුණුවරයක් ගනිමින් තිබෙන ආකාරය තව දුරටත් වාර්තා වනවා.
යුක්රේනය ආක්රමනය කරමින් පුරා දින 03 කාලයක සිට රුසියානු හමුදා දියත් කර තිබෙන මෙයෙහුම් මේ වන විට යුක්රේනයේ කියෙව් අගනගරය දක්වා පැමිණ ඇති අතර එහි බලය තමන් සතු කරගැනීමේ මෙහෙයුම්වල අවසන් අදියර කිහිපයට පැමිණ ඇති බවයි මොස්කව් බලධාරීන් දැනුම් දී ඇත්තේ.
කියෙව් නගරයට මිසයිල්ල ප්‍රහාර එල්ල කිරීමට පෙර මාධ්‍ය අමතමින් ජනපති පුටින් අවධාරණය කර ඇත්තේ අර්බුදයට සමතයකට පත් කර ගැනීම සඳහා යුක්රේනය පැහැදිලි එකඟතාවයකට නොපැමිණීම හේතවෙන් මෙහෙයුම් අඛණ්ඩව දියත් කිරීමට තමන් තීරණය කළ බවයි.
ඒ අනුව ඊයේ මැදියම් රැයේ් සිටම කියෙව් නගරයේ ස්ථාන කිහිපයකටම මිසයිල ප්‍රහාර එල්ල වූ අකාරය මෙලස දැකගත හැකි වුණා.
කියෙව් නගරය ආසනන්නයේ පිහිටි ඉන්ධ පර්යන්තයකටද රොකට් ප්‍රහාරය එල්ල වීමත් සමඟ ඒ අවට ගිනි ජාලාවකින් වැසීගිය ආකාරයද මෙලෙස වාර්තා වුණා.
රුසියානු හමුදාවන් සමඟ මෙලෙස දරුණු ගැටුම් ඇවිලෙමින් තිබෙන පසුබිමක ඊයේ පසුවරුව වන විට යුක්රේන බලධාරීන් කියෙව් නගරයේ ජනතාවට දැනුම් දී තිබුණේ හෙට උදෑසන කාලය දක්වා ඇඳිරිනීතිය පනවා ඇති බවයි.
ඒ අනුව ඊයේ රාත්‍රී පුරා අඛණ්ඩව සයිරන් නලා හඬ නිකුත් කරමින් යුක්රේන බලධාරීන් අනතරු ඇඟවීමට පියිවර ගෙන තිබුණේ කියෙව් නගර වැසියන්ට තම නිවෙස් වලින් පිටතට පැමිණීමෙන් වළකින ලෙස අවධාරණය කරමින්.
මෙලෙස යුද ගිනි ඇවිලෙමින් කලබලකාරි වාතාවරණයක් උද්ගතව තිබුනද යුක්රේන අතනොහර තවදුරටත් එරට රැඳී සිටින සිවිල් වැසියන්ද යුක්රේන හමුදා සමඟින් එක්ව අවි අත දරමින් යුද්ධය සඳහා සූදානම් වන බවත් වාර්තා වනවා.
මේ අතර යුක්රේන දේශ සීමාවේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව තහවුරු කරමින් රුසියානු හමුදාවන් යුක්රේන ආරක්ෂක අංශ සමඟ යම් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වන්නේ.
යම් හෙයකින් චර්නෝබිල් බලාගාරයට ප්‍රහාරයක් එල්ල වුවහොත සිදුවිය හැකි හානිය ඉතා විශාල විය හැකි බවට ජාත්යන්න්තර විශ්ලේෂකයින් අනතුරු ඇඟවීමත් සමඟයි.
මේ රුසායිනු හමුදාවන්ට එරෙහිම සටන් වැදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350 ක යුධ ආධාර යුක්රේනයට ලබා දීම වෙනුවෙන් වෙනුවෙන් ජනපති බයිඩින්ගේ අනුමැතිය හිමිව ඇති බව දවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.
ඒමෙන්ම ඕස්ට්‍රේලියාව සහ ජර්මනියද යුක්රේනයට යුධ ආධාර ලබා දීමට එකඟත්වය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර යුක්රේනය තුළ යුධමය වාතාරවණයක් ඇති කිරීමට රුසියාව ගත් තීරණයට එරෙහිව අමෙරිකාව, යුරෝපා සංගමය ඇතුළු බටහිර බලවතුන් විසින් සම්බාධක පැනවීම ඇතුළු සීමාවන් රැසක් පැනවීමට තීරණය කර ඇති අතර ඒ අනුව රුසියාවට විදෙස් සංචිතවලට ප්‍රවේශ වීමට ඇති හැකියාව වහාම සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජාත්‍යන්තර ස්විෆ්ට් මුදල් හුවාමාරු සේවා පද්ධතියෙන් රුසියානු මූල්‍ය ආයතන වහාම ඉවත් කිරිමට බටහිර බලවතුන් එකඟත්වය පළ කර තිබෙනවා.
එමෙන්ම යුක්රේනයට සහය පලකරන ඇතැම් රටවල් මේ වන විටත් රුසියානු ගුවන් යානාවන්ට තම ගුවන් කලාපයට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා.
මේ අතර වත්මන් යුක්රේන අර්බුදය පිළිබඳව රුසියානු ජනපතිවරයා සමඟ චීන ජනපති සී ජින් පින් ඊයේ විශේෂ දුරකථන සංවාදයකට එක්ව ඇති අතර එහිදී චීන ජනපතිවරයා අවධාරණය කර ඇත්තේ සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳමට තම රට සහය ලබා දීමට සූදානම් බවයි.
දිනෙන් දින ඇවිලෙන යුධ ගැටුම් හේතුවෙන් යුක්රේනයෙන් පළා යන සිවිල් වැසියන් සංඛ්‍යාව මේ වන විට එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ඇති අතර අට ලක්ෂයයක පමණ පිරිසක් අවතැන්නව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ප්‍රහාරවලට ගොදුරු වූ යුක්රේන ජාතිකයින් 200 දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර යුක්රේනයේ දේශසීමා ආසනයේ පිහිටි රටවල් වෙත යාමට සූදානම්න් සිටින දහස් සංඛ්‍යාත යුක්රේන් සිවිල් වැසියන් හේතුවෙන් එම ප්‍රදේශවල දුම්රිය ස්ථානයන්හි දැඩි තදබදයක් ද වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා.
එහිදී ඇතැම් පුද්ගලයින් තම ඥාතීන්ට සමු දෙමින් රට අතහැර යාමට සූදානම් වන මොහොතේ ඔවුන් වඩාත් සංවේදී වූ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කට තිබුණා.
මේ අතර යුක්රේන හමුදාවන් සතු බලය රුසියාවේ අසීමිත යුද ශක්තිය හමුවේ පරාජයට පත් වෙමින් තිබෙන සේයාවක් පෙන්නුම් කෙරුණද ඒ හමුවේ පසුනොබසිමින් රුසියානු ගුවන් යානා 06 කි බිඳ හෙලීමට සමත් වූ කියෙව්හි අවතාරය නමින් හැඳින්වෙන ප්රහාරයක ගුවන් නියමුවෙකු පිළිබඳව තහවුරු නොකළ තොරතුරු රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන බව වාර්තා වනවා.
මෙම ගුවන් නියමුවා විසින් රැගෙන යනු ලබන මිග් 29 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානාවක් කියෙව් නගරයට ඉහළින් පියාසර කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කීරීමත් සමඟ මොහු පිළිබඳ තොරතුරු කරළියට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර යුක්රේනයේ යුද ගැටුම් වහාම නවතන ලෙස ඉල්ලා රුසියානු විරෝධි උද්ඝෝෂණ රැසක් ලොව පුරා ක්‍රියාත්මකයි.