රුසියානු ජනපති තුර්කියේ සංචාරයකට සූදානමින්

රුසියානු ජනපති තුර්කියේ සංචාරයකට සූදානමින්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් ලබන මාසයේ තුර්කියේ සංචාරයක් සඳහා පැමීණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා අප්‍රේල් 27 වනදා තුර්කියට පැමිණීමට නියමිතයි

එම සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි ජනාධිපති තයිප් එර්ඩෝගන් (Tayyip Erdogan) ප්‍රකාශ කළේ රුසියානු සමාගමක් වන රොසැටම් විසින් ඉදිකරන ලද තුර්කියේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාර විවෘත කිරීමට සඳහා රුසියානු ජනාධිපතිවරයා මෙලෙස පැමිණෙන බවයි

Share This