රුසියානු ජනපති ලෝක නායකයින් හමුවීමේ අපේක්ෂාවෙන්

රුසියානු ජනපති ලෝක නායකයින් හමුවීමේ අපේක්ෂාවෙන්

වැග්නර් කැරැල්ලෙන් පසු පළමු වරට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ අනෙකුත් ලෝක නායකයින් හමුවීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා බීජිං සහ මොස්කව් විසින් නායකත්වය දෙන රුසියානු කලාපීය ආරක්ෂක කණ්ඩායමක් වන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවකට සහභාගී වීමට නියමිත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ .

පසුගිය වසරේ සමුලුවේ වගකීම් පිළිබඳ සංදේශයකට අත්සන් කිරීමෙන් පසු ඉරානය මෙම වසරේ පූර්ණ සාමාජිකයෙකු බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

එමෙන්ම යුක්‍රේනයේ ආරම්භක ආක්‍රමණය දියත් කිරීමට උදව් කළ රුසියානු හවුල්කරුවෙකු වන බෙලරුස් ද නිරීක්ෂක රාජ්‍යයක් ලෙස ආරාධනා ලබා ඇති
බවද සඳහන් වනවා

Share This