රුසියානු ජනාධිපති ෂැංහයි සහයෝගිතා සමුළුවට

රුසියානු ජනාධිපති ෂැංහයි සහයෝගිතා සමුළුවට

වැග්නර් කණ්ඩායම කැරැල්ලක් සඳහා සූදානම් වීමෙන් පසු ප්‍රථම වරට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගෝලීය සමුළුවක් ඇමතීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඔහු අද (04) දිනයේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුව සඳහා සහභාගී වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

චීනය, ඉන්දියාව, පාකිස්ථානය සහ මධ්‍යම ආසියාතික රටවල් හතරක නායකයන් සමග සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපතිවරයා එක්වනු ඇති බවද සඳහන්

මෙම සමුළුවේ මුලසුන දරන්නේ ඉන්දියාව වන අතර කලාපීය ආරක්ෂාව, ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස සහ ඇෆ්ගනිස්තානය යන කරුණු මෙම හමුවේදී සාකච්ඡා කිරීමට ඉඩ ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

චීනය, රුසියාව සහ මධ්‍යම ආසියාතික රටවල් හතරක් එක්ව 2001 දී ෂැංහයි සහයෝගිතා සංවිධානය පිහිටුවා ගත් අතර ඉන්දියාව සහ පාකිස්ථානය 2017 වසරේදී කණ්ඩායමට එක්ව තිබෙනවා

Share This