යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වලට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වලට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් යුක්‍රේනයේ ඔඩේසා ප්‍රදේශයේ දකුණේ වරාය පහසුකම්වලට එල්ල කිරීමෙන් පසු ගින්නක් හටගෙන ඇති බව එරට බලධාරීහු පවසනවා

ධාන්‍ය ගබඩාවකට සහ වරාය යටිතල ව්‍යුහයකට හානි සිදුවී ඇති බව බලධාරීහු පවසා ඇති නමුත් කුමන වරායකටද පහර දුන්නේද යන්න හෙළි නොකළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

රුසියාව යුක්‍රේනයේ වරායන් ඉලක්ක කර ගැනීම ආරම්භ කළේ එක්සත් ජාතීන්ගේ ධාන්‍ය ගනුදෙනුව අත්හැරීමෙන් පසුවයි .

වසරකට පෙර ඇතිකරගත් ගිවිසුමට අනුව යුක්‍රේන සහ රුසියානු අපනයන කළු මුහුද හරහා ආරක්ෂිතව නැව්ගත කිරීම කළ හැකිව තිබුණ බවද විදෙස් මාධ්‍ය පවසනවා

Odesa හි ප්‍රාදේශීය නායක Oleh Kiper පැවසුවේ නවතම රුසියානු ප්‍රහාරය සිදු වූ ස්ථානයේ හදිසි සේවා සේවා ක්‍රියාත්මක වන අතර කිසිදු ජීවිත හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි.

Share This