රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ විදුලිය විසන්ධි වෙයි

රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ විදුලිය විසන්ධි වෙයි

රුසියානු හමුදා නැවතත් යුක්‍රේනයේ බලශක්ති පහසුකම් ඇති ස්ථාන වෙත තම ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Kyiv හි බලාගාරයකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් Dnipro ගං ඉවුරේ එක් ප්‍රදේශයකට විදුලිය හා ජලය නොමැති බවද වාර්තා වනවා

ඉරානයේ නිෂ්පාදිත යැයි සැලකෙන මිනිසුන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරවලින් අගනුවර අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු සහ උතුරු සුමි නගරයේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

ඊසානදිග කාර්කිව් නගරයේ ෂෙල් වෙඩි ප්‍රහාර වාර්තා වී ඇති අතර කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

සමහර නගරවල, යුක්‍රේනියානුවන් බලශක්ති උත්පාදක යන්ත්‍ර සහ ගෑස් දාහක මිලදී ගන්නා බවත් , රට පුරා, උපරිම බලශක්ති පරිභෝජනය අඩු කරන ලෙසත් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This