රුසියානු ප්‍රහාරක ගුවන් යානයක් සයිබීරියාවේදී කඩා වැටෙයි (VIDEO)

රුසියානු ප්‍රහාරක ගුවන් යානයක් සයිබීරියාවේදී කඩා වැටෙයි (VIDEO)

රුසියානු හමුදා ගුවන් යානයක් දකුණු සයිබීරියාවේ Irkutsk නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Sukhoi Su-30 ප්‍රහාරක ගුවන් යානය Irkutsk නගරයේ දෙමහල් නිවසකට කඩා වැටීමෙන් ගුවන් නියමුවන් දෙදෙනාම මියගොස් ඇති අතර එම දෙමහල් නිවසේ නිවැසියන්ට හානියක් සිදු නොවුණු බවත් විදෙස් මාධ්‍ය පවසනවා

රුසියාවේ රාජ්‍ය විමර්ශන කමිටුව සඳහන් කර තිබෙන්නේ ගුවන් ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙම සිදුවීම දින හයක් තුළ සිදුවූ දෙවන සිදුවීම වන අතර පසුගිය සතියේද Sukhoi Su-34 හමුදා ජෙට් යානයක් යුක්‍රේනයට ආසන්නයේ දකුණු යේස්ක් නගරයේ මහල් නිවාසයකට කඩා වැටුණා

එහිදී අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This