රුසියානු පාසලකට වෙඩි ප්‍රහාරයක් -13ක් මරුට

රුසියානු පාසලකට වෙඩි ප්‍රහාරයක් -13ක් මරුට

රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ පාසලකට වෙඩි තැබීමකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව රුසියානු බලධාරීහු පවසනවා

ඉෂෙව්ස්ක් නගරයේ සිසුන් 1,000 ක් පමණ සිටින පාසලක ළමුන් හත් දෙනෙකුද ජීවිතක්ෂයට පත්වූ අය අතර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

තුවක්කුකරු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වන අතර වෙඩි තැබීමට හේතුව තවමත් අපැහැදිලි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

රුසියානු බලධාරීන්ට අනුව මියගිය අය අතර ගුරුවරුන් දෙදෙනෙක් සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්ද සිටින බවත් පාසල් ගොඩනැගිලිවලින් කාර්යය මණ්ඩලය සහ සිසුන් ඉවත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This