රුසියානු යුද ටැංකියකට යට වූ යුක්රේන සිවිල් වැසියා ගමන්ගත් මෝටර් රථය (වීඩියෝ)
රුසියානු යුද ටැංකියක් යුක්රේන සිවිල් වැසියෙක් ගමන් ගත් මෝටර් රථයක් හිතාමතා අනතුරට ලක්කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.
මෙම අනතුරට මුහුණ පෑ යුක්රේන සිවිල් වැසියාගේ ජීවිතයන බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවූ ස්ථානය අසල සිටි පිරිසකට අදාල පුද්ගලයාව රථයෙන් පිටතට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති අතර රුසියානු යුද ටැංකි එම අනතුර සිදුකරන ආකාරය අසල ගොඩනැගිල්ලක ඉහළ මහලයේ සිටි අයෙකු විසිනුයි රූ ගතකර මෙලෙස සමාජ මාධ්‍යට එක්කර ඇත්තේ.