රුසියානු හමුදා යුක්‍රේනයේ තවත් ප්‍රධාන නගරයකට ළඟා වෙයි

රුසියානු හමුදා යුක්‍රේනයේ තවත් ප්‍රධාන නගරයකට ළඟා වෙයි

රුසියානු හමුදා ඩොන්බාස් ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් වන සෙවෙරොඩොනෙට්ස්ක් වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

යුක්‍රේනය පවසන්නේ රුසියාව සම්පූර්ණ පාලනය ලබා ගැනීම සඳහා දවසේ පැය 24 පුරාම බෝම්බ හෙලන බවයි.

රුසියාව ඩොන්බාස්හි නැගෙනහිර ප්‍රදේශ දෙකෙන් එකක් වන ලුහාන්ස්ක් ප්‍රදේශයේ බලය මේ වනවිට තහවුරු කර ගෙන ඇති බවද සඳහන්

මේ අතර කියෙව් අසල යුධ පිටියේ මියගිය රුසියානු සොල්දාදුවන්ගේ සිරුරු හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ රුසියානුවන් නොව යුක්‍රේන බලධාරීන් බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනය පවසන්නේ ඔවුන්ගේ දේහයන් ආපසු ලබා ගැනීමට රුසියාව එතරම් උනන්දුවක් නොදක්වන බවයි.

Share This