රුසියාව කළ ඉල්ලීමට ඇමරිකාව යළිත් බෑ කියයි

රුසියාව කළ ඉල්ලීමට ඇමරිකාව යළිත් බෑ කියයි

යුක්රේනය නේටෝ සංවිධානයෙන් තහනම් කරන ලෙස රුසියාව කළ ඉල්ලීම එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුක්රේන අර්බුදය විසඳීම සඳහා රුසියාවේ ඉල්ලීම්වලට විධිමත් ප්‍රතිචාරයක් ලබා දීමට සූදානමින් සිටින බවද සඳහන්.

මේ අතර නේටෝ සමඟ සම්බන්ධීකරණයෙන් ඉදිරිපත් කරන ලද බ්ලින්කන් මහතාගේ ප්‍රතිචාරය තම රට අධ්‍යයනය කරන බව රුසියානු ඇමතිවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා.

එම අර්බුදයට රාජතාන්ත්‍රිකව විසදුමක් ලබාදීමට අමෙරිකාව සූදානම් බව ද රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෑත සතිවලදී, රුසියාව යුක්රේන දේශසීමාවේ විශාල භට සංඛ්‍යාවක් එක්රැස් කරමින් සිටිනවා

බටහිර රටවල් එය විය හැකි ආක්‍රමණයක් සඳහා සූදානමක් ලෙස දැක තිබෙන නමුත්  රුසියාව මෙය ප්‍රතික්ෂේප කර තිබෙන බවද සඳහන්

 

Share This