රුසියාව ජයග්‍රහණයේ දිනය සැමරීමට සූදානමින් -පුටින් මොස්කව්හි රතු චතුරශ්‍රයට පැමිණෙයි

රුසියාව ජයග්‍රහණයේ දිනය සැමරීමට සූදානමින් -පුටින් මොස්කව්හි රතු චතුරශ්‍රයට පැමිණෙයි

දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට එරෙහි ජයග්‍රහණය සැමරීම සඳහා මොස්කව්හිදී වාර්ෂික හමුදා පෙළපාළිය පවත්වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජයග්‍රාහී පෙළපාලිය සඳහා මොස්කව්හි රතු චතුරශ්‍රයට මේ වනවිට පැමිණ සිටිනවා.

විදේශ නායකයින් සමග දිවා භෝජන සංග්‍රහයකට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගී වනු ඇති අතර ඊට පෙර පෙළපාලියේදී හමුදාව අමතා ඔහු කතා කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාව පවසන්නේ ආමේනියාව, අසර්බයිජානය, බෙලරුස්, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු රටවල නායකයන් පෙළපාලියට සහභාගී වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

හමුදා උපකරණ සහිත රථ , යුද ටැංකි සහ බැලස්ටික් මිසයිල රතු චතුරශ්‍රය හරහා ගමන් කරන අතර මොස්කව්හි ප්‍රධාන ජයග්‍රාහී දින පෙළපාළිය එයින් විචිත්‍රවත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ආරක්ෂිත ගැටළු නිසා මෙය මහජනතාවට විවෘත නොවනු ඇති බවත් ,අද (09) එරට ප්‍රධාන රජයේ නිවාඩු දිනයක් කර ඇති බවත් සමස්ත ලෝකයේම අවධානය මොස්කව් වෙත යොමුව ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර යුක්‍රේනය සෙසු යුරෝපීයන් සමග මහාද්වීපයේ සාමය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් යුරෝපීය දිනය සමරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This