රුසියාව නව ප්‍රහාරයක් සැළසුම් කරන බවට යුක්‍රේනයේ ආරක්ෂක ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

රුසියාව නව ප්‍රහාරයක් සැළසුම් කරන බවට යුක්‍රේනයේ ආරක්ෂක ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

රුසියාව නව ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බව යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබෙනවා.

එය පෙබරවාරි 24 වැනි දින ආරම්භ විය හැකි බවටයි ඔහු අනතුරු අඟවා තිබෙන්නේ.

යුක්‍රේන ආරක්ෂක ඇමති Oleksii Reznikov පවසා තිබෙන්නේ මොස්කව් හමුදා දහස් ගණනක් එක්රැස් කර ඇති බවත් පසුගිය වසරේ ආරම්භක ආක්‍රමණයේ සංවත්සරය සැමරීම සඳහා ඔවුන් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ හැකි බවයි.

මේ අතර, Kramatorsk නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියානු මිසයිලයක් නේවාසික ගොඩනැගිල්ලකට එල්ලවීමෙන් ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ තවත් අට දෙනෙකු තුවාල ලැබූ බව පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙනවා.

“රුසියානු ත්‍රස්තවාදය නැවැත්විය හැකි එකම ක්‍රමය එය පරාජය කිරීම” යැයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා.

ජර්මනිය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යුක්‍රේනයට යුද ටැංකි යැවීමට එකඟ වීමෙන් පසුවත් ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා යුක්‍රේනය ප්‍රහාරක ජෙට් යානා සඳහා නැවතත් ඉල්ලීම් කර තිබෙනවා.

Share This