රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකින් 41ක් මරුට

රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකින් 41ක් මරුට

යුක්‍රේනයේ පොල්ටාවා ප්‍රදේශයට එල්ල කළ රුසියානු බැලස්ටික් මිසයිල දෙකකින් පුද්ගලයන් 41 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම තවත් 180ක් කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල දෙක රෝහලකට සහ අධ්‍යාපන ආයතනයකට වැදී එම ආයතනයේ එක් ගොඩනැගිල්ලක් අර්ධ වශයෙන් විනාශ වී ඇති බව සඳහන්

යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර පුද්ගලයින් කිහිප දෙනෙකු ද බේරාගෙන ඇති බවත් බොහෝ දෙනෙක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බවයි

Share This