රුසියාව යුක්‍රේනයට ගුවන් ප්‍රහාර එල්ල කරයි -දෙදෙනෙක් මරුට

රුසියාව යුක්‍රේනයට ගුවන් ප්‍රහාර එල්ල කරයි -දෙදෙනෙක් මරුට

රුසියාව විසින් යුක්‍රේනයට නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේනයේ මධ්‍යම නගරයේ Kryvyi Rih හි නේවාසික ගොඩනැගිල්ලකට පහර දීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Kyiv හි සිදුවූ පිපිරීම්වලින් ජල සැපයුමට බලපෑම් එල්ල වී ඇති බවත් මෙට්‍රෝ සේවා අත්හිටුවා ඇති බවත් බලධාරීන් සඳහන් කර තිබෙනවා

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන Kharkiv නගරයේ සිවිල් යටිතල පහසුකම්වලට පහර දීමෙන් පසු විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම යුක්‍රේනයේ දුම්රිය ක්‍රියාකරු පවසන්නේ දුම්රිය මාර්ග ගණනාවක විදුලිය විසන්ධි වී ඇති බවයි

යුක්‍රේනයේ උතුරු මායිමට ආසන්න සුමි කලාපයේ ද විදුලිය විසන්ධි වී තිබෙනවා

Share This