රුසියාවට එරෙහි යුක්‍රේනයේ සටන ගැන බයිඩන් කතාකිරීමට සූදානම්

රුසියාවට එරෙහි යුක්‍රේනයේ සටන ගැන බයිඩන් කතාකිරීමට සූදානම්

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියාවට එරෙහි යුක්‍රේනයේ සටන පිළිබඳව ඇමතීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බයිඩන්ගේ පරිපාලනයට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙකු යුක්‍රේනයට යැවීමෙන් දින කිහිපයකට පසුව ජනාධිපති බයිඩන් මෙලෙස අදහස් ප්‍රකාශ කරනු ඇති බවයි පැවසෙන්නේ.

රුසියාවේ කුරිරු යුද්ධයට එරෙහිව යුක්‍රේනියානුවන්ට තම රට ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ නිදහස පිළිබඳ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වනු ඇති බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් එක්සත් ජනපද මාධ්‍ය ආයතනයක් වන ද හිල් වෙත පවසා තිබෙනවා

රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියෙව් වෙත ගොස් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ අනෙකුත් යුක්‍රේන නිලධාරීන් හමුවීමට ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුක්‍රේනයට ආධාර කිරීමේ එක්සත් ජනපදයේ එක් අරමුණක් වන්නේ “රුසියාව දුර්වල වී ඇති බව දැකීම” බව  ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා.

 

Share This