රුසියාවට පත් වූ නව ආරක්ෂක ඇමති

රුසියාවට පත් වූ නව ආරක්ෂක ඇමති

රුසියාව සඳහා නව ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව ඇන්ඩ්‍රේ බෙලූසොව් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහු එරට උප අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

එමෙන්ම රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙස සර්ජි ෂෝයිගු පත් කිරීමට ද පුටින් පියවර ගෙන ඇති බව සඳහන්.

68 හැවිරිදි වියේ පසුවන සර්ජි ෂෝයිගු 2012 වසරේ සිට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

Share This