රුසියාවට පනවා ඇති සම්බාධක පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අයුරු

රුසියාවට පනවා ඇති සම්බාධක පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අයුරු

රුසියාවට පනවා ඇති සම්බාධක පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව එක්සත් රාජධානිය රුසියාවෙන් දියමන්ති ආනයනය තහනම් කරමින් සම්බාධක වැඩි කර තිබෙනවා

2021 දී රුසියාවට පවුම් බිලියන 12.6 වටිනා ආදායම් ලැබූ රන් අපනයනය ද පසුගිය වසරේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් විසින් තහනම් කරනු ලැබුවා

රුසියාවට පනවා ඇති වෙනත් සම්බාධක අතර යුරෝපීය සංගමය (EU), එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව ඔවුන්ගේ රටවල රුසියාවේ මහ බැංකුවේ වත්කම් අත්හිටුවා තිබෙනවා

යුරෝපා සංගමය රුසියානු ගල් අඟුරු ආනයනය නතර කළ අතර පිරිපහදු කළ තෙල් ආනයනය තහනම් කරනු ලැබුවා

එමෙන්ම එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය රුසියානු තෙල් හා ගෑස් ආනයනය තහනම් කළ අතර ජර්මනිය රුසියාවෙන් Nordstream 2 ගෑස් නල මාර්ගය විවෘත කිරීම නතර කළා

කෙසේවෙතත් යුරෝපා සංගමය රුසියානු ගෑස් සඳහා සම්බාධක පනවා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් විසින් රුසියානු ව්‍යාපාර සහ පුද්ගලයින් 1,000කට වඩා ඉලක්ක කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය සහ කැනේඩියානු ගුවන් සීමාවෙන් සියලුම රුසියානු ගුවන් ගමන් තහනම් කර ඇති අතර
රුසියාවට සුඛෝපභෝගී භාණ්ඩ අපනයනය කිරීමද තහනම් කර තිබෙනවා

මෙම සම්බාධක සඳහා රුසියාව ප්‍රතිචාර දක්වා ඇත්තේ වෛද්‍ය, වාහන, කෘෂිකාර්මික, විදුලි උපකරණ සහ දැව නිෂ්පාදන ඇතුළු භාණ්ඩ 200කට වැඩි ප්‍රමාණයක් අපනයනය කිරීම අත්හිටුවමිනුයි

එමෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා රුසියානු ආයෝජන තබාගෙන සිටින විදේශීය ආයෝජකයින්ට ඒවා විකිණීමද තහනම් කර තිබෙනවා

ඒ අතර රුසියානු ජනාධිපති පුටින්ගේ සහ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ගේ වත්කම් ද එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් විසින් තහනම් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This