රුසියාවෙන් තවත් සටන් විරාමයක්

රුසියාවෙන් තවත් සටන් විරාමයක්

සිවිල් වැසියන්ට නගරවලින් පිටවීම සඳහා රුසියාව තවත් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රුසියානු රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් වාර්තා කරන පරිදි ප්‍රහාරයට ලක්වූ නගරවල සිටින සිවිල් වැසියන්ට ප්‍රදේශවලින් ඉවත්වීමට ඉඩ සැලසීම සඳහා මොස්කව් විසින් තවත් මානුෂීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

Kyiv, Chernihev, Sumy, Kharkiv සහ Mariupol යන ප්‍රදේශ සඳහා මොස්කව් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලද තුන්වන අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This