රුසියාවෙන් යුක්‍රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් 12ක් මරුට

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් 12ක් මරුට

රුසියාවෙන් කියෙව් ඇතුළු යුක්‍රේනයේ නගර කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මධ්‍යම උමාන් නගරයේ තට්ටු නිවාසයකට එල්ල වූ ප්‍රහාරයකින් කුඩා දරුවෙකු ඇතුළු දස දෙනෙකු මිය ගිය බවයි බලධාරීහු පවසා තිබෙන්නේ.

Kremenchuk සහ Poltava නගරවලද පිපිරීම් වාර්තා වී ඇති අතර Uman හි හානියට පත් වූ නේවාසික ගොඩනැගිලි 10 අතර මහල් නිවාසය ද වන බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසා තිබෙනවා.

Share This