රුසියාවෙන් යුක්‍රේනයට ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාර -මිසයිල 120ක් එල්ල කර ඇති බවට විදෙස් වාර්තා

රුසියාවෙන් යුක්‍රේනයට ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාර -මිසයිල 120ක් එල්ල කර ඇති බවට විදෙස් වාර්තා

රුසියාවෙන් ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් එල්ල කරන මිසයිල ප්‍රහාර නිසා යුක්‍රේනයේ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ජනාධිපති උපදේශක Mykhailo Podolyak පවසා තිබෙන්නේ ජනගහනය සහ සිවිල් යටිතල පහසුකම් සඳහා රුසියාවෙන් මිසයිල 120කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බවයි.

කියෙව් අගනුවරට අවම වශයෙන් පිපිරුම් දෙකක් ඇසී ඇති අතර Kharkiv, Odesa, Lviv සහ Zhytomyr යන නගරවල ද පිපිරීම් වාර්තා වී ඇති ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

යුක්‍රේන ගුවන් හමුදාව පවසා තිබෙන්නේ රුසියාව ගුවන සහ මුහුද පදනම් කරගනිමින් කෲස් මිසයිල මගින් විවිධ දිශාවලින් රටට ප්‍රහාර එල්ල කරන බවයි.

Lviv හි නගරාධිපති නගරයේ 90% කට විදුලිය නොමැති බව සඳහන් කර තිබෙනවා

රුසියානු හමුදාව කළු මුහුදේ ස්ථානවලින් මිසයිල 20 ක් දියත් කිරීමට සූදානම් වන බවට යුක්‍රේනයේන් දැනටමත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This