රුසියාවෙන් විදේශිකයින්ට නව නීතියක්

රුසියාවෙන් විදේශිකයින්ට නව නීතියක්

රුසියාවේ නව නීතියක් බලාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රුසියාවේ රැඳී සිටින  විදේශිකයන් සහ දිගු කාලීනව එරට රැඳී සිටින අය ඇඟිලි සලකුණු ලබා දී වෛද්‍ය පරීක්ෂණ  අනිවාර්යයෙන් සිදු කළ යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

දින 90 කට වැඩි කාලයක් රැඳී සිටින ඕනෑම අයෙකු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, ක්ෂය රෝගය සහ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පරීක්ෂා කළ යුතු බවයි පැවසෙන්නේ.

විදේශයන්හි ජර්මානු-රුසියානු වාණිජ මණ්ඩලය ඇතුළු ව්‍යාපාරික කණ්ඩායම් කිහිපයක් මෙම නීතියට විරුද්ධ වී තිබෙනවා.

මේ අතර රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විදේශිකයන්ට සෑම මාස තුනකට වරක් පරික්ෂාවන් කිරීමට සිදුවන බවට වන වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙන බවයි සඳහන් වන්නේ

එක්සත් ජනපද තානාපති ජේසන් රෙබෝල්ස් මේ මස මුලදී පවසා තිබෙන්නේ විදේශිකයන්ට රුසියාවේ ජීවත් වීම වඩාත් දුෂ්කර වී ඇති බවයි .

දින 90 කට වඩා වැඩි කාලයක් රැඳී සිටින විදේශිකයන් සෑම මාස තුනකට වරක් පරීක්ෂණවලට ලක් කෙරෙන බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් මොස්කව්හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙන්නේ  “නීතිය අර්ථ නිරූපණය කිරීමේදී මතු වූ ගැටළු සැලකිල්ලට ගෙන” පැහැදිලි කිරීම් කිරීමට සූදානම් වන බවයි.

වෛද්‍ය පරීක්‍ෂණවලට රුධිර පරීක්‍ෂණ, එක්ස් කිරණ සහ සීටී ස්කෑන් පරීක්‍ෂණ පවා ඇතුළත් වනු ඇතැයි අපේක්‍ෂා කරන අතර, විදේශීය සේවකයන්ට මොස්කව් නගරයෙන් පිටත කිලෝමීටර් 80ක් දුරින් පිහිටි සකාරෝවෝ සංක්‍රමණ මධ්‍යස්ථානයේදී පරීක්‍ෂණ සිදු කිරීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඉහළ කොරෝනා වෛරස් ආසාදන හමුවේ රුසියාවේ රෝහල් දිගටම අරගල කරමින් සිටින අතර ගතවූ  පැය 24 තුළ මරණ 932 ක් වාර්තා වී තිබෙනවා.

 

Share This