රුසියාවේ Facebook සහ Instagram භාවිතය තහනම් වෙයි

රුසියාවේ Facebook සහ Instagram භාවිතය තහනම් වෙයි

රුසියාව ‘අන්තවාදී’ නීතිය යටතේ Facebook සහ Instagram භාවිතය තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

රුසියානුවන් අතර බහුලව භාවිතා වන ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන දෙකම “අන්තවාදී ක්‍රියාකාරකම් සිදු කරන” බව මොස්කව්හි අධිකරණය ප්‍රකාශ කිරීමෙන් පසු මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ

රුසියානු සොල්දාදුවන් සහ ව්ලැඩිමීර් පුටින් කෙරෙහි දැක්වෙන වෛරී ප්‍රකාශ පිළිබඳ සිය ප්‍රතිපත්ති ලිහිල් කරන බව Meta සමාගම තහවුරු කිරීමෙන් පසු මේ මස මුලදී Facebook සහ Instagram වෙත ප්‍රවේශය සීමා කර තිබුණා .

Meta සමාගම පසුව පැවසුවේ එම නීති අදාළ වන්නේ යුක්‍රේනය තුළ සිට පුවත් පළ කරන පුද්ගලයින්ට පමණක් බවයි.

නමුත් Meta හි  WhatsApp messenger සේවාව “සන්නිවේදන මාධ්‍යයක් මිස තොරතුරු මූලාශ්‍රයක් නොවන” නිසා එය තහනම් නොකරන බවද සඳහන් කෙරුණා

රුසියානුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් VPN භාවිතයෙන් සමාජ මාධ්‍ය තහනම මග හැරීමට උත්සාහ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ මස මුලදී පවතින යුදමය තත්ත්වය  ගැන සලකමින්  “ව්‍යාජ” පුවත් පතුරුවා හැරීම සඳහා වසර 15ක් දක්වා සිරදඬුවම් නියම කිරීමට රුසියානු පාර්ලිමේන්තුව නීතියක් සම්මත කරනු ලැබුවා

 

Share This