රුසියාවේ iPhone තහනමක්

රුසියාවේ iPhone තහනමක්

iPhone භාවිතය නතර කරන ලෙස රුසියානු ජනාධිපති Vladimir Putin ක්‍රෙම්ලිනයේ සිය නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස පළමුවනදා සිට ඔවුන්ගේ දුරකථන වෙනස් කරන ලෙස රුසියානු ජනපති දැනුම් දී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

iPhone හි ඇතුළත් උපාංගවල ඇතුළත් දත්ත බටහිර ඔත්තු සේවා ආයතනවලින් ලබා ගැනීමේ අවදානමක් පවතින බැවින් එම පියවර ගත යුතු අතර “iPhone විසි කරන්න – නැත්නම් දරුවන්ට දෙන්න” ලෙස රුසියානු ජනාධිපතිවරයා ක්‍රෙම්ලිනයේ නිලධාරීන්ඇ හමුවේ ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ වෙනුවට වෙනත් මෙහෙයුම් පද්ධතියක් සැපයීමට හැකියාව පවතින බවයි ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක Dmitry Peskov සඳහන් කර ඇත්තේ.

අදාළ තීරණය ඉදිරියේ දී එරට දේශපාලනයේ නිරත පිරිස් වෙත ක්‍රියාත්මක කරවීමට ද පියවර ගනු ඇති බව සඳහන්.

අමෙරිකාව විසින් චීනයේ TIKTOK සමාජ මාධ්‍ය යෙදවුම තහනම් කිරීමට නීති කෙටුම්පත් සම්පාදනය කරමින් සිටින අතර චීන ජනාධිපති Xi Jinping සංචාරයක් සදහා රුසියාව වෙත පැමිණ ඇති අවස්ථාවක Vladimir Putin අදාළ තීරණය ගැනීම විශේෂත්වයක් වනවා.

Share This