රුසියාවේ ඉන්ධන ආනයනයෙන් ඉවත්වී, ජර්මනිය හරිත බලශක්ති ගිවිසුමකට අත්සන් තබයි

රුසියාවේ ඉන්ධන ආනයනයෙන් ඉවත්වී, ජර්මනිය හරිත බලශක්ති ගිවිසුමකට අත්සන් තබයි

මොරිටේනියාවේ ඩොලර් බිලියන 34ක හරිත බලශක්ති ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව ජර්මානු සමාගමක් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊජිප්තු සහ එමිරාටි සමාගම් ද ගණුදෙනුවේ කොටස්කාරයින් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මෙම පහසුකම මගින් මොරිටේනියාවේ වාර්ෂිකව හරිත හයිඩ්‍රජන් සහ අනෙකුත් හයිඩ්‍රජන් පාදක කර ගත් නිෂ්පාදන ටොන් මිලියන අටක් දක්වා නිෂ්පාදනය කරනු ඇති

පළමු අදියර වසර පහකින් අවසන් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

රුසියාවේ ඉන්ධන ආනයනය මත යැපීමෙන් ඉවත් වී දේශගුණික ඉලක්ක සපුරාලීමට උත්සාහ කරන බැවින් ජර්මනිය අප්‍රිකාවේ බලශක්ති ව්‍යාපෘති ගණනාවකට සම්බන්ධ වී තිබෙනවා

හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කරනු ලබන්නේ සුළං සහ සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරමින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This