රුසියාවේ ඉල්ලීම

රුසියාවේ ඉල්ලීම

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබාදිය යුතු බව රුසියාව යළි අවධාරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මොස්කව් අගනුවර පැවැති ජාත්‍යන්තර සමුළුවකට එක්වෙමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්‍රොව් ඒ බව ප්‍රකාශ කර ඇති බවයි.

ගෝලීය සහ කලාපීය ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සහ ඔවුන්ගේ ස්ථාවරය අනුව ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට වටිනාකමක් එකතු කර ඇතැයි රුසියානු විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ආර්ථික වර්ධනය අතින් මේවනවිට ලොව ප්‍රමුඛපෙළේ පසුවන රටවල් අතර ඉන්දියාව ද පසුවන බවයි රුසියානු විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

ඇතැම්විට ඉන්දියාව එම රටවල් අතර නායකයා පවා විය හැකි බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම විවිධ ආකාරයේ සහ විවිධ මට්ටමේ ගැටළු නිරාකරණය කිරීමේදී ඉන්දියාවට විශාල ලෙස රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් ඇතැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් අවධාරණය කළ බව සඳහන්.

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ක්‍රියාකාරී භුමිකාවක් වන බැවින් ඉන්දියාවට සුදුසු ස්ථානය හිමිවිය යුතු බවයි රුසියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

Share This