රුසියාවේ ඉල්ලීමට ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්

රුසියාවේ ඉල්ලීමට ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්

යුක්‍රේනයේ ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදනය සඳහා එක්සත් ජනපදය අරමුදල් සපයන බවට රුසියාව කරන ප්‍රකාශය සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද(11) හදිසි රැස්වීමක් පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම රැස්වීම  රුසියාවේ ඉල්ලීමකට අනුව පවත්වන බවයි පැවසෙන්නේ

මීට පෙර, යුක්‍රේන ජනාධිපතිවරයා යුක්‍රේනය එවැනි ආයුධ නිෂ්පාදනය නොකරන බව සහ රුසියාව යුක්‍රේන සිවිල් වැසියන්ට එරෙහිව එවන් අවි භාවිතා කිරීමට සූදානම් වන බවට චෝදනා කරනු ලැබුවා

එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද මෙහෙයුමේ ප්‍රකාශිකාවක් AP News වෙත පවසා තිබෙන්නේ රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඔවුන්ගේ වැරදි තොරතුරු ප්‍රවර්ධනය කිරීමේ ස්ථානයක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන බවයි.

Share This