රුසියාවේ නිවාස සංකීර්ණයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්

රුසියාවේ නිවාස සංකීර්ණයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනය විසින් රුසියාව වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රුසියාවේ මහල් නිවාස සංකීර්ණයකට එම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයෙන් අදාළ නිවාස සංකීර්ණයේ මහල් 10ක් කඩා වැටීමට ලක්ව තිබෙනවා.

මියගිය අය අතර දරුවෙකු ද සිටින බව සඳහන්.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

Share This