රුසියාවේ ප්‍රබල භූ කම්පනයක්

රුසියාවේ ප්‍රබල භූ කම්පනයක්

රුසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති අතර මෙම මුහුදු ප්‍රදේශයේ සක්‍රීය ගිනි කඳු කිහිපයක් ද පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව භූ කම්පන තත්ත්වයත් සමග ගිනි කන්දක් සක්‍රීය වී ලාවා ගලමින් පවතින බව වාර්තා වනවා.

Share This