රුසියාවේ ප්‍රහාර හමුවේ විදුලි බලාගාරවලින් 30%ක් විනාශ වෙලා – යුක්‍රේන ජනපති

රුසියාවේ ප්‍රහාර හමුවේ විදුලි බලාගාරවලින් 30%ක් විනාශ වෙලා – යුක්‍රේන ජනපති

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පසුගිය දින අට තුළ තම රටේ විදුලි බලාගාරවලින් 30%ක් විනාශ වී ඇති බව ප්‍රකාශ කර සිටිනවා

එමෙන්ම යුක්‍රේනයේ දකුණුදිග Kherson නගරයේ තත්ත්වය දුෂ්කර බවත් නිවැසියන් ඉවත් කළ යුතු බවත් රුසියානු හමුදා අණදෙන නිලධාරියා සඳහන් කර තිබෙනවා.

රුසියානු හමුදාව සියල්ලටම වඩා ජනගහනය ආරක්ෂිතව ඉවත් කිරීම සහතික කරනු ඇති බවද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Dnieper ගඟේ බටහිර ඉවුරේ ජිවත්වන මිනිසුන් වඩාත් අවදානමට ලක්ව ඇති බවද වාර්තා වී තිබෙනවා

පසුගිය පෙබරවාරි මාසයේදී රුසියානුවන් අතට පත් වූ පළමු විශාල නගරය Kherson වූ අතර යුක්‍රේන හමුදා පසුගිය සති කිහිපය පුරාවට Khersonවලට ආසන්න ප්‍රදේශ ක්‍රමක්‍රමයෙන් යළි අත්පත් කර ගනිමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ක්‍රෙම්ලිනය Kherson සහ තවත් යුක්‍රේන ප්‍රදේශ තුනක් රුසියාවේ කොටසක් ලෙස ප්‍රකාශ කර ඇති නමුත් එය ජාත්‍යන්තර වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා

යුක්‍රේනයට එල්ල වී ඇති රොකට් ප්‍රහාරයෙන් Khersonහි පිහිටි Antonivsky පාලමට සහ Kakhovka ජලවිදුලි වේල්ලට හානි වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමගින් අත්‍යාවශ්‍ය සේවා, ආහාර බෙදාහැරීම්, ජලය සහ විදුලිය සැපයීමේ ගැටළු මතු වී ඇති බවයි වාර්තා වන්නේ

Share This