රුසියාවේ බෝම්බ ප්‍රහාරක ගුවන් යානයක් මහල් නිවාසයකට කඩා වැටෙයි -13ක් මරුට (PHOTOS)

රුසියාවේ බෝම්බ ප්‍රහාරක ගුවන් යානයක් මහල් නිවාසයකට කඩා වැටෙයි -13ක් මරුට (PHOTOS)

රුසියාවේ බෝම්බ ප්‍රහාරක ගුවන් යානයක් දකුණු රුසියාවේ යේස්ක් නගරයේ මහල් නිවාසයකට කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Su-34 නම් වන මෙම ජෙට් යානයේ නියමුවන් දෙදෙනා පුහුණු ගුවන් ගමනකදී එය ගොඩනැගිල්ලේ ගැටීමට පෙර ඉවතට විසිවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මියගිය අය අතර කුඩා දරුවන් තිදෙනෙක් ද වන බවත් මහල් නවයක කුටියේ ගින්නෙන් 68 දෙනෙකු බේරා ගත් බවත් එරට නිලධාරීහු පවසා තිබෙනවා

මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් 19 දෙනෙක්ද ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය පවසනවා

ගුවන් නියමුවන්ගේ වාර්තාවකට අනුව, ගුවන්ගත වීමේදී එක් එන්ජිමක ඇති වූ ගින්නක් කඩා වැටීමට හේතුව යැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා

මහල් නිවාස දෙකක් ගිනි ගෙන ඇති අතර ගින්නෙන් විපතට පත් වූවන්ට “අවශ්‍ය සියලු ආධාර” ලබා දෙන ලෙස ක්‍රෙම්ලිනය බලධාරීන්ට නියෝග කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This