
රේගුවේ රඳවාගත් BYD වාහන මුදාහරින්නැයි රේගුවට අධිකරණ නියෝගයක්
ශ්රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය ශ්රී ලංකා රේගුවට අද (11) නියෝග කළා.
ශ්රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ පුද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්රී ලංකා රේගුව විසින් ඊට එකඟතාවය පළ කර සිටියා.
ශ්රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ රේගුව භාරයේ රඳවා සිටි BYD ඇටෝ ප්රිමියම් කිලෝ වොට් 70, ඇටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඇටෝ ප්රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625 ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බවයි.
ශ්රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළේ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය එකඟතාවය පළ කළා.
ඉන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු සභාපති රොහාන්ත අබේසුරිය මහත සහ ප්රියන්ත ප්රනාන්දු යන මහතවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම වාහන මුදාහැරීමට අදාළ නියෝග නිකුත් කළා.
