රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරක -උදව් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්(VIDEO)

රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරක -උදව් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්(VIDEO)

රෝහින්ග්‍යා සරණාගතයින් 150ක් පමණ රැගත් බෝට්ටුවකට ආධාර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අග්නිදිග ආසියාවේ අන්දමන් මුහුද අවට රටවල්වලින් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

චන්ද්‍රිකා දුරකථනයෙන් සම්බන්ධ කරගත් පසු බෝට්ටුවේ සිටි පුද්ගලයින් පවසා තිබෙන්නේ කුඩා දරුවන් ඇතුළු මගීන් රැසක් මේ වන විටත් මියගොස් ඇති බවයි.

ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙන්නේ ආහාර සහ ජල සැපයුම අවසන් වී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සිකුරාදා(16) අග්නිදිග ආසියාවේ අන්දමන් මුහුද අවට රටවල්වලින් ආධාර කිරීම සඳහා කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙම යාත්‍රාව පසුගිය මාසයේ දකුණු බංග්ලාදේශයෙන් පිටත්ව ඇති අතර මේ වන විට සති තුනකට වැඩි කාලයක් මුහුදේ තිබී තිබෙනවා.

යාත්‍රාවේ සිටි අය මැලේසියාවට පැමිණීමට උත්සාහ කර ඇති බවටයි බලධාරීන් විශ්වාසය පළ කර තිබෙන්නේ

Share This