රෝගීන් ගණන ඉහළ ගියොත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයටද බාධා -රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

රෝගීන් ගණන ඉහළ ගියොත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයටද බාධා -රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

කොරෝනා වසංගතය මර්දනයට එන්නත්කරණය ආරම්භ කර මාස හයක් පමණ ගත වන හෙයින් ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට ඉදිරියේදී දෙන බූස්ටර් එන්නත දෙන තෙක් සියලු දෙනා දැඩි ලෙස පරිස්සම් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

පසුගිය සති දෙකක කාලය තුළ කොරෝනා වසංගත තත්ත්වය ඉහළ යෑමක් දක්නට ලැබෙන බවත් විශේෂයෙන් පූජා නගර සහ ජනතාව එකතු වන ස්ථානවල කැපීපෙනෙන ලෙස රෝගීන් වාර්තාවීමේ තත්ත්වයක් පවතින බවයි චන්න ජයසුමන මහතා පවසන්නේ

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ “මෙලෙස රෝගීන් ඉහළ ලෙස වාර්තා වුව හොත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට ද බාධා ඇතිවිය හැකි බැවින් සියලුම දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි

එමෙන්ම ලෝකයේ සිදු කර ඇති පරීක්ෂණවලට අනුව මාස හයක් පමණ ගත වන විට එහි ප්‍රතිශක්තිකරණය අඩු වීමේ තත්ත්වයක් ඇති වනවා

ඒ අනුව මෙරට කොරෝනා රෝගයට එරෙහිව භාවිත කළ එන්නතේ මාත්‍රා දෙකම සම්පූර්ණ කළ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය නැවත ඇතිකිරීම සඳහා ෆයිසර් එන්නත දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා

මෙම කාලයේ දී සියලු දෙනා කොරෝනා වසංගතයෙන් බේරී සිටීමට කටයුතු කළ යුතු බවත් අමත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටිනවා

 

Share This